AFC Banner
Empty Ad
Empty Ad

කලහකාරී තත්ත්වයක් පාලනයට පොලිසියෙන් අහසට වෙඩි

අච්චුවේලි නිර්වේලි ප්‍රදේශයේ කලහකාරී ලෙසට හැසිරුණු පිරිසක් පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තබා තිබෙනවා.

ඊයේ (28) රාත්‍රී කිසියම් පිරිසක් නිවසකට පහරදෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයකට අනුවයි අච්චිුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලිසිය එම ස්ථානයට ළගාවීමෙන් පසුව ද පිරිස දිගින් දිගටම කලහකාරී ලෙසට හැසිරීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු තම ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

එහිදී කලහකාරී පිරිස විසින් පහරදුන් පුද්ගලයෙකු පොලිසිය විසින් බේරාගෙන යාපනය රෝහලට ඇතුලත් කෙරුණා.

එලෙස පහරකෑමට ලක්වී ඇත්තේ නිර්වේලි ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

ෆේස් බුක් ඔස්සේ තරුණියකගේ ඡායාරූප මුදා හැරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම කලහකාරී සිදුවීම හටගෙන ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

මෙම කලහකාරී තත්ත්වයේදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අච්චුවේලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41
Video thumbnail
රට කාපු එවුන් කුජීත වීගෙන යනවා #akd #npp #ranilwickremesinghe #rajapaksafamily
04:56

?