කලහකාරී තත්ත්වයක් පාලනයට පොලිසියෙන් අහසට වෙඩි

අච්චුවේලි නිර්වේලි ප්‍රදේශයේ කලහකාරී ලෙසට හැසිරුණු පිරිසක් පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තබා තිබෙනවා.

ඊයේ (28) රාත්‍රී කිසියම් පිරිසක් නිවසකට පහරදෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයකට අනුවයි අච්චිුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

පොලිසිය එම ස්ථානයට ළගාවීමෙන් පසුව ද පිරිස දිගින් දිගටම කලහකාරී ලෙසට හැසිරීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු තම ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

එහිදී කලහකාරී පිරිස විසින් පහරදුන් පුද්ගලයෙකු පොලිසිය විසින් බේරාගෙන යාපනය රෝහලට ඇතුලත් කෙරුණා.

එලෙස පහරකෑමට ලක්වී ඇත්තේ නිර්වේලි ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

ෆේස් බුක් ඔස්සේ තරුණියකගේ ඡායාරූප මුදා හැරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම කලහකාරී සිදුවීම හටගෙන ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

මෙම කලහකාරී තත්ත්වයේදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අච්චුවේලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29