ලක්ෂ 3,100ක් මහපොළ ශිෂ්‍යාධාර සඳහා නිකුත් කෙරේ

රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොළ භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මෙම සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.