මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ සැකකරු ළග ආයුධ සහ දුරකථන

පොලිස් මෙහෙයුමකදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතුව තිබී ජංගම දුරකථන සහ අවි ආයුධ සොයාගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර මෙම සැකකරු ඊයේ සවස අලවතුගොඩ දුනුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 70ක් සමගින්.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී නිවසේ තිබී ඇපල් වර්ගයේ ජංගම දුරකථන 9ක්, තවත් ස්මාර්ට් දුරකථන 11ක්, කුඩා ජංගම දුරකථන 9ක්, තහනම් පිහි 7ක්, දුරදක්න 2ක්, යුද හමුදා ජැකට් එකක්, ටී 56 පතුරම් 11ක් සහ මුදලින් රුපියල් 17040ක් මෙන්ම මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදා ගන්නා කුඩා හැඳි සහ ඉටි කවර කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අකුරණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.

ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03