රුසියාවේ ආරක්ෂාව තර කෙරේ

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ පාලනයට එරෙහිව එරට අතුරු හමුදා කණ්ඩායමක් වන වැග්නර් හමුදා කණ්ඩය සටන් ආරම්භ කර තිබෙනවා.

වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් (Yevgeny Prigozhin) පවසා ඇත්තේ රුසියාවට අයත් Rostov-on-Don නගරයේ පාලනය තමන් සතු බවයි.

යුක්රේනයේ රුසියානු ප්‍රහාරයට නායකත්වය දුන් කුලී හේවායන්ගේ පෞද්ගලික හමුදාවක් වන වැග්නර් ගෲප් හි ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කළේ මොස්කව්හි හමුදා නායකත්වය පෙරළා දැමීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

62 හැවිරිදි කුලී හේවා නායකයා කියා සිටියේ තම මාර්ගයට බාධා කරන සෑම දෙයක්ම විනාශ කරන අතර මෙය හමුදා කුමන්ත්‍රණයක් නොව යුක්තිය උදෙසා වන ගමනක් බවයි.

වැග්නර් ප්‍රහාරකයින්ට අගනුවරට ළඟා විය නොහැකි වන ලෙසට රුසියාවේ මොස්කව් අගනුවර අවට ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහි ආරක්ෂක ගොඩනැගිල්ල ද සිය පාලනය යටතට පත් කර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත මොස්කව් නුවරට සහ ජනාධිපතිවරයා රැදී සිටින ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන්.

මොස්කව් කලාපයේ ත්‍රස්ත විරෝධී පාලන තන්ත්‍රයක් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගැටුම්කාරී තත්වය පාලනය කිරීමට රුසියානු බලධාරීන් සෑම පියවරක්ම ගනිමින් සිටින බව වාර්තා වනවා.

වැග්නර් පවසන්නේ තමන් යුක්රේන දේශසීමා අසල නගරය පාලනය කරන බවත්, එහි පදිංචිකරුවන්ට ගෘහස්ථව සිටින ලෙස දන්වා ඇති බවයි.

සිකුරාදා රාත්‍රියේ රුසියාවේ ආරක්ෂාව තර කරන ඇති අතර අන්තර්ජාල සබඳතා ද සීමා කර තිබෙනවා.

රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් කරන වැග්නර් හමුදා චෝදනා කරන්නේ තම හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් රුසියාව විසින් දියත් කළ බවයි.

කෙසේවෙතත් මොස්කව් පාලනය එය ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර රුසියාවේ හමුදා නායකත්වය පෙරළා දමන බවට වැග්නර් කුලී හේවා කණ්ඩායම දිවුරුම් දීමෙන් පසු ප්‍රථම වතාවට ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශයක් කර තිබෙනවා.

මෙම හමුදා ක්‍රියාව පාවාදීමක් ලෙසටයි ඔහු හඳුන්වා දී ඇත්තේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසන්නේ වැග්නර් කණ්ඩායම විසින් ආරම්භ කළ සන්නද්ධ කැරැල්ල රාජද්‍රෝහී ක්‍රියාවක් වන අතර ඔවුන්ට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00