රුසියාවේ ආරක්ෂාව තර කෙරේ

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගේ පාලනයට එරෙහිව එරට අතුරු හමුදා කණ්ඩායමක් වන වැග්නර් හමුදා කණ්ඩය සටන් ආරම්භ කර තිබෙනවා.

වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් (Yevgeny Prigozhin) පවසා ඇත්තේ රුසියාවට අයත් Rostov-on-Don නගරයේ පාලනය තමන් සතු බවයි.

යුක්රේනයේ රුසියානු ප්‍රහාරයට නායකත්වය දුන් කුලී හේවායන්ගේ පෞද්ගලික හමුදාවක් වන වැග්නර් ගෲප් හි ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කළේ මොස්කව්හි හමුදා නායකත්වය පෙරළා දැමීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

62 හැවිරිදි කුලී හේවා නායකයා කියා සිටියේ තම මාර්ගයට බාධා කරන සෑම දෙයක්ම විනාශ කරන අතර මෙය හමුදා කුමන්ත්‍රණයක් නොව යුක්තිය උදෙසා වන ගමනක් බවයි.

වැග්නර් ප්‍රහාරකයින්ට අගනුවරට ළඟා විය නොහැකි වන ලෙසට රුසියාවේ මොස්කව් අගනුවර අවට ආරක්ෂාව දැඩි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහි ආරක්ෂක ගොඩනැගිල්ල ද සිය පාලනය යටතට පත් කර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත මොස්කව් නුවරට සහ ජනාධිපතිවරයා රැදී සිටින ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන්.

මොස්කව් කලාපයේ ත්‍රස්ත විරෝධී පාලන තන්ත්‍රයක් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගැටුම්කාරී තත්වය පාලනය කිරීමට රුසියානු බලධාරීන් සෑම පියවරක්ම ගනිමින් සිටින බව වාර්තා වනවා.

වැග්නර් පවසන්නේ තමන් යුක්රේන දේශසීමා අසල නගරය පාලනය කරන බවත්, එහි පදිංචිකරුවන්ට ගෘහස්ථව සිටින ලෙස දන්වා ඇති බවයි.

සිකුරාදා රාත්‍රියේ රුසියාවේ ආරක්ෂාව තර කරන ඇති අතර අන්තර්ජාල සබඳතා ද සීමා කර තිබෙනවා.

රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් කරන වැග්නර් හමුදා චෝදනා කරන්නේ තම හමුදාවන්ට මාරාන්තික ප්‍රහාරයක් රුසියාව විසින් දියත් කළ බවයි.

කෙසේවෙතත් මොස්කව් පාලනය එය ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර රුසියාවේ හමුදා නායකත්වය පෙරළා දමන බවට වැග්නර් කුලී හේවා කණ්ඩායම දිවුරුම් දීමෙන් පසු ප්‍රථම වතාවට ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශයක් කර තිබෙනවා.

මෙම හමුදා ක්‍රියාව පාවාදීමක් ලෙසටයි ඔහු හඳුන්වා දී ඇත්තේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසන්නේ වැග්නර් කණ්ඩායම විසින් ආරම්භ කළ සන්නද්ධ කැරැල්ල රාජද්‍රෝහී ක්‍රියාවක් වන අතර ඔවුන්ට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30