හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දුරට නැවත අගමැති ධූරයට තරග නොකරනු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
ඊයේ (22) මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් ඕනෑවටත් වඩා වැඩ කර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාට විශ්‍රාම ගෙන විවේක කාලය ගත කිරීමට දැන් කාලය එළඹ ඇතැයි තමන් විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ජාතියට යහපතක් වන්නේ නම් පමණක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබට නොවන බව ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කළා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මතභේදයක් පවතින බවට පළවන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළා.














Labba ussage thaniyama yaanna adiya yanna beri hampada naki polla aran balla maranna yanna param banawalu.