විහාරස්ථානයක් කඩා ඉවත් කිරීමට එරෙහිව තහනම් නියෝගයක්

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණේ.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෙම විහාරය කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති නියෝගය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි පෙත්සම්කාර හිමියන් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
4
+1
7
+1
1
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59