AFC Banner
Empty Ad
Empty Ad

විහාරස්ථානයක් කඩා ඉවත් කිරීමට එරෙහිව තහනම් නියෝගයක්

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති හල්මිල්ලකුලමේ සුගතඥාන හිමි විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණේ.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෙම විහාරය කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති නියෝගය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි පෙත්සම්කාර හිමියන් මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
4
+1
7
+1
1
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?