ටයිටැනික් සොයා ගොස් අතුරුදන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් බවට ප්‍රකාශයක්

ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් අතුරුදන් වූ එම සබ්මැරීනය සතුව ඔක්සිජන් වායුව මේ වන විට අවසන්වී ඇති බව ඇමරිකා වෙරළාරක්ෂක බලකාය නිවේදනය කරනවා.

සෝදිසි මෙහෙයුමේ කොටසක් ලෙස දුරස්ථව ක්‍රියාත්මක වන රොබෝ යන්ත්‍ර දෙකක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජනපද වෙරළාරක්ෂක ඇස්තමේන්තුවලට අනුව, Titan හි පැය 96ක් පුරා ශ්වසනය කළ හැකි ඔක්සිජන් පැවති අතර එය සාගරයේ කිමිදුනු මොහොතේ සිට කෙරෙන ගණනය කිරීම්වලට අනුව ඔක්සිජන් සැපයුම මේ වන විට අවසන් වී ඇති බවට සැක කෙරෙනවා.

බලධාරීන් පෙන්වා දෙන්නේ මේවා ඇස්තමේන්තු පමණක් වන අතර බොහෝ දේ රඳා පවතින්නේ වාතය සංරක්ෂණය කිරීමට මගීන් ගෙන ඇති පියවර අනුව බවයි.

ප්‍රවීණයන් පවසන පරිදි මෙම සබ්මැරීනය මුහුදු පත්ලේ මතුපිට තිබේද යන්න තවමත් අපැහැදිලි වන අතර එය සොයා ගැනීමට සති ගණනක දැඩි සමීක්ෂණයක් අවශ්‍ය විය හැකි බවට අනතුරු ඇඟවීම් ද සිදු කෙරෙනවා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකායේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් පවසා ඇත්තේ අතුරුදන් වූ සබ්මැරීනය සොයා ගැනීමේ මෙහෙයුම තවමත් සක්‍රීය ගලවා ගැනීමේ මෙහෙයුමක් බවයි.

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ ප්‍රකෝටිපතියන් තිදෙනෙකුද සහිතව ඕශන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ ගවේෂණය ඇරඹුවේ පසුගිය ඉරිදායි.

එදිනම පස්වරුවේ යළි පැමිණීමට ඔවුන් අපේක්ෂා කළද එම සබ්මැරීනය සාගර පත්ලේ අතුරුදන් වුණා.

අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි වී නැහැ.

මේ අතර මුහුදු පතුලට ළඟා වී මතුපිටට ඡායාරූප සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රංශයට අයත් යාත්‍රාවක් අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ සෝදිසි මෙහෙයුම් කලාපයට පැමිණ තිබෙනවා.

Victor 6000 නම් අදාළ යාත්‍රාව සතුව සතුව සුන්බුන් කැපීම හෝ ඉවත් කිරීම වැනි අතිශය සියුම් උපාමාරු කළ හැකි යාන්ත්‍රික අවි දෙකක් ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානා සහ නැව් මෙන්ම දුරස්ථව ක්‍රියාත්මක වන උපකරණ මගින් මේ වන විට ගවේෂණය කරන ප්‍රදේශය වර්ග සැතපුම් 10,000ක් පමණ සාගරය ආවරණය වන පරිදි පුළුල් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පැවසුවේ සෙවීමේදී තවත් ශබ්ද ඇසුණු නමුත් ඒවා මොනවාද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.

Victor 6000 යානයේ ඇති විදුලි පහන් සහ කැමරා මගින් මතුපිට නෞකාවේ සිටින කණ්ඩායමට කුඩා ටෙනිස් පිටියකට සමාන දුරක් දක්වා සාගර පතුලේ ඇති දේ දැක ගැනීමට හැකියාව පවතිනවා.

එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions විසින් මෙහෙයවනු ලබන කුඩා ප්‍රමාණයේ Titan සබ්මැරීනය ඉරිදා පෙරවරු 8 ට පමණ ටයිටැනික් නෞකාව වෙත ගමන් ආරම්භ කරනු ලැබුවා.

උතුරු අත්ලාන්තික් සාගරයේ නැව සුන්බුන් වූ ස්ථානයට යාමට පෙර එය ආධාරක නෞකාව සමඟ සම්බන්ධතා විසන්ධි වී ගිය බවයි වාර්තා වන්නේ.

සබ්මැරීනයේ හිමිකාරිත්වය දරණ සමාගමට අනුව Titan පැය 96ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් සමඟ පිටත් ගොස් තිබෙනවා.

වාතය කොපමණ කාලයක් පවතිනු ඇත්ද, සබ්මරිනයට තවමත් බලය තිබේද යන්න සහ එහි සිටින අය කෙතරම් සන්සුන්ව සිටියේද යන්න වැනි විවිධ සාධක මත ඔවුන්ගේ තත්වය රඳා පවතින බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

කැනඩාවේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී නෞකාවක් වන Titanic 1912 දී සිය මංගල ගමනේදී අයිස් කන්දක ගැටී ගිලී ගිය අතර, මිනිසුන් 1,500 කට වැඩි පිරිසක් මිය ගියා. නෞකාවේ සුන්බුන් මුහුදු පත්ලේ අඩි 12,500 (මීටර් 3,810) පමණ ගැඹුරකින්, පිහිටා තිබෙනවා.

Titan සබ්මැරීනය එහි නියමුවා සහ තවත් හතර දෙනෙකු රැගෙන ගැඹුරු මුහුදේ විනෝද චාරිකාවක් සඳහා නැව් සුන්බුන් වෙත ගමන් කරමින් සිටි අතර, ඒ සඳහා OceanGate එක් අයෙකුගෙන් ඩොලර් 250,000ක් අය කරනු ලබනවා.

මගීන් අතර බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන 58 හැවිරිදි හමිෂ් හාර්ඩින් සහ පකිස්ථානයේ උපත ලද ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ්, 48, ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන් ද වනවා.

ප්‍රංශ සාගර විද්‍යාඥ සහ ප්‍රමුඛ ටයිටැනික් විශේෂඥයෙකු වන 77 හැවිරිදි Paul-Henri Nargeolet සහ OceanGate හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක Stockton Rush ද එහි ගමන් කර තිබුණා.

මෙම සබ්මැරීනය නැවත මතුපිටට පැමිණීමට සමත් වූයේ නම්, විශාල විවෘත මුහුදේ හඳුනා ගැනීම ද දුෂ්කර වනු ඇති අතර, එය පිටතින් වසා ඇති බැවින් ඇතුළත සිටින කිසිවෙකුට පිටත සිටින අයෙකුගේ සහය නොමැතිව පිටවීමද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
24
+1
9
+1
17
+1
379
+1
40
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10