අතුරුදන් වූ සබ්මැරීනය සොයන්න අලුත්ම උපකරණයක්

මුහුදු පතුලට ළඟා වී මතුපිටට ඡායාරූප සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රංශයට අයත් යාත්‍රාවක් අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ සෝදිසි මෙහෙයුම් කලාපයට පැමිණ තිබෙනවා.

Victor 6000 නම් අදාළ යාත්‍රාව සතුව සතුව සුන්බුන් කැපීම හෝ ඉවත් කිරීම වැනි අතිශය සියුම් උපාමාරු කළ හැකි යාන්ත්‍රික අවි දෙකක් ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් යානා සහ නැව් මෙන්ම දුරස්ථව ක්‍රියාත්මක වන උපකරණ මගින් මේ වන විට ගවේෂණය කරන ප්‍රදේශය වර්ග සැතපුම් 10,000ක් පමණ සාගරය ආවරණය වන පරිදි පුළුල් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පැවසුවේ සෙවීමේදී තවත් ශබ්ද ඇසුණු නමුත් ඒවා මොනවාද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.

Victor 6000 යානයේ ඇති විදුලි පහන් සහ කැමරා මගින් මතුපිට නෞකාවේ සිටින කණ්ඩායමට කුඩා ටෙනිස් පිටියකට සමාන දුරක් දක්වා සාගර පතුලේ ඇති දේ දැක ගැනීමට හැකියාව පවතිනවා.

මේ අතර ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන්ව ඇති සබ්මැරීනයේ සිටින පිරිසට ඔක්සිජන් ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් සඳහා බවයි බලධාරීන් පවසන්නේ.

Titan submersible හි ආරම්භක සැපයුමේ ඇස්තමේන්තු මත පදනම්ව මෙම කරුණු අනාවරණ කර ඇති අතර එහි දැක්වෙන්නේ අතුරුදහන් වූ කාර්ය මණ්ඩලයට ඔක්සිජන් ඉතිරිව ඇත්තේ පැයක් කිහිපයක් දක්වා පමණක් බවයි.

එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions විසින් මෙහෙයවනු ලබන කුඩා ප්‍රමාණයේ Titan සබ්මැරීනය ඉරිදා පෙරවරු 8 ට පමණ ටයිටැනික් නෞකාව වෙත ගමන් ආරම්භ කරනු ලැබුවා.

උතුරු අත්ලාන්තික් සාගරයේ නැව සුන්බුන් වූ ස්ථානයට යාමට පෙර එය ආධාරක නෞකාව සමඟ සම්බන්ධතා විසන්ධි වී ගිය බවයි වාර්තා වන්නේ.

සබ්මැරීනයේ හිමිකාරිත්වය දරණ සමාගමට අනුව Titan පැය 96ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් සමඟ පිටත් ගොස් තිබෙනවා.

වාතය කොපමණ කාලයක් පවතිනු ඇත්ද, සබ්මරිනයට තවමත් බලය තිබේද යන්න සහ එහි සිටින අය කෙතරම් සන්සුන්ව සිටියේද යන්න වැනි විවිධ සාධක මත ඔවුන්ගේ තත්වය රඳා පවතින බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

කැනඩාවේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී නෞකාවක් වන Titanic 1912 දී සිය මංගල ගමනේදී අයිස් කන්දක ගැටී ගිලී ගිය අතර, මිනිසුන් 1,500 කට වැඩි පිරිසක් මිය ගියා. නෞකාවේ සුන්බුන් මුහුදු පත්ලේ අඩි 12,500 (මීටර් 3,810) පමණ ගැඹුරකින්, පිහිටා තිබෙනවා.

Titan සබ්මැරීනය එහි නියමුවා සහ තවත් හතර දෙනෙකු රැගෙන ගැඹුරු මුහුදේ විනෝද චාරිකාවක් සඳහා නැව් සුන්බුන් වෙත ගමන් කරමින් සිටි අතර, ඒ සඳහා OceanGate එක් අයෙකුගෙන් ඩොලර් 250,000ක් අය කරනු ලබනවා.

මගීන් අතර බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන 58 හැවිරිදි හමිෂ් හාර්ඩින් සහ පකිස්ථානයේ උපත ලද ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ්, 48, ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන් ද වනවා.

ප්‍රංශ සාගර විද්‍යාඥ සහ ප්‍රමුඛ ටයිටැනික් විශේෂඥයෙකු වන 77 හැවිරිදි Paul-Henri Nargeolet සහ OceanGate හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක Stockton Rush ද එහි ගමන් කර තිබුණා.

මෙම සබ්මැරීනය නැවත මතුපිටට පැමිණීමට සමත් වූයේ නම්, විශාල විවෘත මුහුදේ හඳුනා ගැනීම ද දුෂ්කර වනු ඇති අතර, එය පිටතින් වසා ඇති බැවින් ඇතුළත සිටින කිසිවෙකුට පිටත සිටින අයෙකුගේ සහය නොමැතිව පිටවීමද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

  1. ITHAMA KANAGATUWEN UNATH KIYANNA THIYENNE DAN NAM EYALA PANAPITIN BERA GANEEMA WISHALA PRATHIHARYAK MA PAMANAK BAWAYI. MUHUDHA YATA GHANA ANDHAKARAYI. GIYA YANAYA KUDAYI. EKA HARIYATAMA PIDURU GODAKA WATUNA INDHIKATUWAK HOYA GANNAWATATH ADA DAHAS WARAYAK AMARUYI. MEKA SURE EKATMA ATHTHE TITANIC EKA ATHULE. MEYALATA ONA WENNA ATHI EKA ATHULATA GIHIN BALANNA. KOHOMATH ME WAGEYI PODI YANA THANIYAMA YAWANE NAHANE. CABLE EKAK ADHARAYEN YAWANNE. MEKA YATA YANAKOTA ADUMA GANE KM1 KIN 1KATA SAHYAKA YANA RANDHAWANAWA, DURA WADI NISATH, PEEDANAYA WADI NISATH, GHANA KALUWARA NISATH. NAMUTH EYI EKAWATH NATIWA THANIYAMA YATATA GIHIN NWAGEYI. UDA SHP EKA THIBUNATH COMMUNICATION THIYAGANNA ONA WISHESHA PAKARANA THIBUA NAHE. EKA GON NEDHA. API LAMAYEK CLASS YAWWATH PHONE EKAK DEELA YAWANAWA NEDHA.



අපගේ නවතම වීඩියෝ පුවත්