මනමේ කුමරුට රංගනයෙන් දායකවූ සුනිල් තිලකරත්න දිවි සැරියෙන් සමුගනී

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතයට ද පණ පෙවූ නර්තන ආචාර්ය ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න මහතා ඊයේ (21) අලුයම අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය.

මීරිගම, බැද්දෙගෙදර, කිතලවලාන පදිංචිව සිටි ඔහු තිදරු පියෙකි.

ඔහු සිංහබාහු, නරිබෑනා, අසිනි වැස්ස, රූකඩ රාජ්ජේ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වූ ශිල්පියෙකි. ඔහු තරණ සීගිරි ඔපෙරාවේ කාශ්‍යප රජුගේ චරිතයට පණ පෙවීය. ඔහු දායක වූ වේදිකා නාට්‍ය ඇමරිකාව, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, සිංගප්පූරුව සහ ප්‍රංශය ආදී රටවල්වල ද වේදිකාගත කර තිබෙනවා. ඔහු ‘හෝගානා පොකුණ’ චිත්‍රපටයේ ද සම්බන්ධ විය.

දින කිහිපයකට පෙර කුරුණෑගල පැවැති රූකඩ රාජ්ජේ නර්තනයක යෙදෙමින් සිටියදී ඔහු වේදිකාවේදී හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව ඇත.

දේහය අවසන් ගෞරවය සඳහා කිතලවලාන බැද්දෙගෙදර නිවසේ තැන්පත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
9
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22