එක දවසක් හෝ උසාවි නාවොත් දිගටම රිමාන්ඩ්

වරෙන්තු නිකුත් කොට තිබියදී නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උත්තර සභාගය සභාපති විමල් වීරවංශ මහතාට තරයේ අවවාද කොට පෙර ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කළා.

අවසන් වතාවට තම අධිකරණය විසින් ඇප ලබා දෙන නමුත් මින් පසු කුමන හේතුවක් නිසා හෝ එක් දිනක් හෝ නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද ප්‍රධාන හේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරමින් සැකකාර මන්ත්‍රීවරයාට අවවාද කළා

නිසි පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පසුගිය 19 වනදා වරෙන්තු නිකුත් කොට තිබුණා. ඊයේ 21 උදෑසන 10 ට පමණ නීතිඥ වරයෙකු සමග අධිකරණයට පැමිණීම මන්ත්‍රීවරයා ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම් පත්‍රය අනුව නඩුව කැඳවන තුරු පුරා පැය දෙකට අධික කාලයක් රැඳී සිටීමට ඔහුට සිදු වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?