ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

ඊයේ (20) රාත්‍රී 08.20ට සියෝල් නගරය බලා පිටත්ව යාමට නියමිතව තිබූ UL470 දරන ගුවන් යානය නොවැළැක්විය හැකි හේතුවක් මත ප්‍රමාද වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරනවා.

එම ගුවන් යානය ගුවන්ගත කිරීමට නියමිතව සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ රාත්‍රියේදී හදිසියේ අසනීප වූ අතර, ගුවන් නියමුවන්ගේ විවේකය හා ආරක්ෂාව සම්බන්ධ විවිධාකාර වූ රෙගුලාසි හේතුවෙන් අද දින වනතුරු ඒ වෙනුවට වෙනත් ගුවන් නියමුවෙකු යෙදවීමට නොහැකි වූ බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

UL470 දරන ගුවන් යානය මේ ආකාරයට ප්‍රමාද වීම නිසා ඇති වූ අපහසුතාව පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළ කර තිබෙනවා.

මෙවැනි අවස්ථාවලදී, උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව හැකි උපරිමයෙන් මගීන් දැනුවත් කිරීමටත්, නවාතැන් අවශ්‍ය පුද්ගලයන්ට හෝටල් පහසුකම් ලබාදීමටත් ගුවන් සේවය සෑම විටම කටයුතු කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි පිරිසට මීළඟට පිටත් වන ගුවන් යානයෙන් සියෝල් බලා ගමන් කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව පියවර ගනිමින් සිටිනවා.

මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ සියෝල් අතර ගුවන් ගමන් පවත්වාගෙන යෑමෙහි ප්‍රධාන අරමුණ වනුයේ කොරියාවේ රැකියාවන් සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් පහසුව සැලසීම බවයි අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය 2022 වසරේ අප්‍රේල් මාසයේ සිටම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව කටයුතු කරමින් සිටිනවා.

ලොව සියලුම ගුවන් සේවාවන් තුළ කලින් කලට මෙවැනි ප්‍රමාද වීම් සිදු වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පෙන්වා දෙන්නේ.

ගුවන් සේවා කර්මාන්තය යනු ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි නීතිරීති පවතින, පියාසර කාලසීමාවන් නියාමනයට ලක්වන සහ පියාසර කිරීමට අවසර දීමට පෙර ගුවන් යානාවල නඩත්තු තත්ත්වයන් දැඩි පරීක්ෂාවන්ට ලක්වන කර්මාන්තයක්.

සමාගම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කිසිදු ප්‍රමාදයකින් තොරව තම ගුවන් ගමන් කළමනාකරණය කිරීමට සෑමවිටම උත්සාහ කරන බවයි.

2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය සාධනය අනෙකුත් ප්‍රධාන ගුවන් සේවාවන්ගේ කාර්ය සාධනය හා සමාන මට්ටමක පැවති අතර, වසරේ මුල් මාස පහ තුළ එහි ගුවන් ගමන් වාර සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රමාදයන් වාර්තා වීම, කොළඹ සිට පියාසර කරන අනෙකුත් ගුවන් සමාගම්වලට සාපේක්ෂව බොහෝ දුරට යහපත් මට්ටමක පැවති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
8
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38