AFC Banner
Empty Ad
Empty Ad

ගානියා බැනිස්ටර්ට එරෙහි නඩුවට දින නියම වෙයි

අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 6 වැනිදා පවත්වන බව කොළඹ මහාධිකරණය නියෝග කළා.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

එහිදී නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 6 වනදා පැවැත්වීමටයි අධිකරණය දින නියම කළේ.

විත්තිකාරිය ගේ සැමියා සහ දරුවන් ස්විස්ටර්ලන්තයේ සිටින හෙයින් ඔවුන් දැක බලා ගැනීම සඳහාත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාත් ඇයට විදේශ ගත වීමට අවසර දෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විරුද්ධ වුණා.

අදාළ ඉල්ලීම පිළිබඳ නියෝගය ද ජුලි මස 6 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

2019 වසරේ නොවැම්බර් මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකාරිය ට එරෙහිව නීතිපතිවරයාට නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?