ගානියා බැනිස්ටර්ට එරෙහි නඩුවට දින නියම වෙයි

අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි මස 6 වැනිදා පවත්වන බව කොළඹ මහාධිකරණය නියෝග කළා.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

එහිදී නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 6 වනදා පැවැත්වීමටයි අධිකරණය දින නියම කළේ.

විත්තිකාරිය ගේ සැමියා සහ දරුවන් ස්විස්ටර්ලන්තයේ සිටින හෙයින් ඔවුන් දැක බලා ගැනීම සඳහාත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාත් ඇයට විදේශ ගත වීමට අවසර දෙන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විරුද්ධ වුණා.

අදාළ ඉල්ලීම පිළිබඳ නියෝගය ද ජුලි මස 6 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා නියෝග කළේ.

2019 වසරේ නොවැම්බර් මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකාරිය ට එරෙහිව නීතිපතිවරයාට නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රේස් ඇවිත් වෙච්ච විනාශයක්..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33