AFC Banner
Empty Ad
Empty Ad

හක් බෙල්ලන් 3000ක්සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය අල් මන්නාරම ප්‍රදේශයේ නිවසක වලදමා තිබු රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් කුඩා ප්‍රමාණයේ හක්බෙල්ලන් 3000කට ආසන්න තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි අද අලුයම වැටලීම සිදු කර ඇත්තේ.

මෙම හක් බෙල්ලන් තොගය මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව ඉන්දියාවට යැවිම සඳහා සූදානම් කර තිබූ බව සඳහන්.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කල්පිටිය අල් මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.

කල්පිටියේ සිට ඉන්දියාවට නීති විරෝධීව ධීවර යාත්‍රා මගින් රැගෙන යාම සඳහා ජාවාරම් කරුවන් විසින් මෙම හක් බෙල්ලන් තොගය සඟවා තිබූ බව ද වැඩිදුර පරික්ෂණවලදි හෙළිවී තිබෙනවා.

මෙම කුඩා හක්බෙල්ලන් සංගු නමින් හැදින්වෙන අතර ඒවා ඉන්දියාවේ කෝවිල්වල ඉහළ මිළකට අලෙවි කිරීම සිදු වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ඉන්දියාවේ හින්දු බැතිමතුන් මෙම සංගු දේවත්වයෙන් සලකන බව ද වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සංගු තොගය සහ සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?