හක් බෙල්ලන් 3000ක්සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය අල් මන්නාරම ප්‍රදේශයේ නිවසක වලදමා තිබු රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් කුඩා ප්‍රමාණයේ හක්බෙල්ලන් 3000කට ආසන්න තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි අද අලුයම වැටලීම සිදු කර ඇත්තේ.

මෙම හක් බෙල්ලන් තොගය මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව ඉන්දියාවට යැවිම සඳහා සූදානම් කර තිබූ බව සඳහන්.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කල්පිටිය අල් මන්නාරම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.

කල්පිටියේ සිට ඉන්දියාවට නීති විරෝධීව ධීවර යාත්‍රා මගින් රැගෙන යාම සඳහා ජාවාරම් කරුවන් විසින් මෙම හක් බෙල්ලන් තොගය සඟවා තිබූ බව ද වැඩිදුර පරික්ෂණවලදි හෙළිවී තිබෙනවා.

මෙම කුඩා හක්බෙල්ලන් සංගු නමින් හැදින්වෙන අතර ඒවා ඉන්දියාවේ කෝවිල්වල ඉහළ මිළකට අලෙවි කිරීම සිදු වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ඉන්දියාවේ හින්දු බැතිමතුන් මෙම සංගු දේවත්වයෙන් සලකන බව ද වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සංගු තොගය සහ සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46