චීනෙන් ලංකාවට අලුත් තණ කොළ වර්ගයක්

“ඇල්ෆැල්ෆා’’ නමින් හඳුන්වනු ලබන විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට මෙලෙස තෘණ විශේෂය වගා කරනු ඇති.

මෙම තෘණ විශේෂය වගා කිරීමෙන් පසුව චීනයට අපනයනය කිරීමට නියමිතය.මේ පිළිබඳව අදාළ චීන සමාගමේ නියෝජිතයන් සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අතර සාකච්ඡාවක්ද පැවැත්විය.

මුලින්ම මෙම තෘණ බීජ මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට යොමුකර පරීක්ෂා කළ යුතු බවයි මෙහිදී කෘෂිකර්ම බලධාරීන් පවසා ඇත්තේ.

මෙම තෘණ විශේෂය ආක්‍රමණශීලී ශාක විශේෂයක්ද යන්න හා එම බීජ මෙරට පරිසර පද්ධතියට ගැළපේද යන්න පිළිබඳව පරීක්ෂා කළයුතු බව කෘෂිකර්ම බලධාරීන් චීන සමාගමේ නියෝජිත පිරිසට දැනුම්දී තිබේ.

ලංකාව තුළ දැනට මෙම ඇල්ෆැල්ෆා තෘණ වගාව සිදු නොකෙරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. චීන සමාගම විසින් අදාළ තෘණ විශේෂයේ බීජ සැපයීම සිදු කරන අතර,ගොවීන් එම බීජ සිය ඉඩම්වලට යොදා වගා කිරීමෙන් පසුව තෘණ අස්වැන්න චීන සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය.

තෘණ විශේෂය යොදාගෙන සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට මෙරට තුළ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සම්බන්ධවද චීන සමාගම සාකච්ඡා කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුදු සමරන්න ඇවිත් සහෝදරයින් තිදෙනෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:11
Video thumbnail
නුවරඑළිය වසන්තය බලන්න විශාල සෙනඟක් එයි
01:40
Video thumbnail
දුම්රියෙන් පැමිණි පිරිස සතුටින් කිව්ව දේ.."සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා..වෙලාවට ආවා"
02:58
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට අනතුර ඇඟවීමක්
03:24
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා..
00:19
Video thumbnail
ඇමති නලින්දට අවුරුදු උත්සවයේදී හමුවූ යාළුවා.."ආ බොස්..මේ මගේ හොඳ යාළුවෙක් "
01:30
Video thumbnail
මහින්දගේ ගිණුම් 8ක රු කෝටි 93000ක්..?
09:55
Video thumbnail
නිරුක්ෂ විපක්ෂයේ සෙට් එකට කට උත්තර නැතිවෙන්නම දෙසයි..සජිත් දැන් නූතන අන්දරේ වෙලා
13:37
Video thumbnail
අධික වේගයෙන් ගිය යතුරුපැදියක් කැබ් රථයක ගැටෙයි
01:04
Video thumbnail
ආණ්ඩුවේ ගඳ ගහලා ඉවරයි - දැන් බොරුවට නටන්න එපා
05:01