“ඇල්ෆැල්ෆා’’ නමින් හඳුන්වනු ලබන විශේෂ තෘණ විශේෂයක් වගා කිරීමට චීනයේ සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම්වල ගවයන්ට මෙලෙස තෘණ විශේෂය වගා කරනු ඇති.
මෙම තෘණ විශේෂය වගා කිරීමෙන් පසුව චීනයට අපනයනය කිරීමට නියමිතය.මේ පිළිබඳව අදාළ චීන සමාගමේ නියෝජිතයන් සහ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අතර සාකච්ඡාවක්ද පැවැත්විය.
මුලින්ම මෙම තෘණ බීජ මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට යොමුකර පරීක්ෂා කළ යුතු බවයි මෙහිදී කෘෂිකර්ම බලධාරීන් පවසා ඇත්තේ.
මෙම තෘණ විශේෂය ආක්‍රමණශීලී ශාක විශේෂයක්ද යන්න හා එම බීජ මෙරට පරිසර පද්ධතියට ගැළපේද යන්න පිළිබඳව පරීක්ෂා කළයුතු බව කෘෂිකර්ම බලධාරීන් චීන සමාගමේ නියෝජිත පිරිසට දැනුම්දී තිබේ.
ලංකාව තුළ දැනට මෙම ඇල්ෆැල්ෆා තෘණ වගාව සිදු නොකෙරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. චීන සමාගම විසින් අදාළ තෘණ විශේෂයේ බීජ සැපයීම සිදු කරන අතර,ගොවීන් එම බීජ සිය ඉඩම්වලට යොදා වගා කිරීමෙන් පසුව තෘණ අස්වැන්න චීන සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය.
තෘණ විශේෂය යොදාගෙන සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීමට මෙරට තුළ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සම්බන්ධවද චීන සමාගම සාකච්ඡා කර තිබෙනවා

CHEENA DAN THANAKOLA KAWANNA HADANNE. EY THARAMMA HARAKA JATHIYAK ME RATEYI INNE KIYALA UN DANNAWA. EKANE GEWANNA BERI BAWA DEN DENA BILLION 4-5 UNGEN NAYA GATHTHE. EKEN BILLION 1-2 WADA WIYADAM KAEYI NAHE, EWATH WEDAKATA NATHI COMMIS KUTTI ENA DEWAL. ITHIRIWA ITHIN KKOMA HORAGODA YAWWA MUN.