සුරා බදු දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 55 දෙනෙකු ගත් ලක්ෂ 63 ක ණය මුදලක් නොගෙවා පැහැර හැරලා

සුරා බදු දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 55 දෙනෙකු ඔවුන්ගේ සේවා කාලයේදී දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 63 ක ණය මුදලක් නොගෙවා පැහැර හැර ඇති බව විගනන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2022 වසර සදහා රජයේ විගනන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ මේ බව සදහන්.

මෙසේ ණය ගෙවීම් පැහැර හැර ඇති නිලධාරීන් 08 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇත.තවත් නිලධාරීන් 19 දෙනෙකු විශ්‍රාම ලබා ඇති අතර,නිලධාරීන් 18 දෙනෙකු වැඩ තහනමට ලක්ව සහ සේවයෙන් පහ කර ඇති අයවළුන් බවට අනාවරණය වී ඇත.

මිය ගොස් සහ විශ්‍රාම ලබා ඇති නිලධාරීන්ගෙන් අය විය යුතු රුපියල් ලක්ෂ 04 කට වැඩි මුදලක් වසර කීපයකින් අය කරගෙන නොමැති බවද විගනන නිලධාරීන් තම වාර්තාවේ සදහන් කර ඇත.එමෙන්ම සේවා තහනමට ලක් කර ඇති නිලධාරීන් 05 දෙනෙකුගෙන් සහ වැඩ තහනම් කර ඇති නිලධාරීන් 02 කුගෙන් රුපියල් ලක්ෂ 06 ක මුදලක් වසර 05 ක කාලයක් ගෙවී ගොස් ඇතත් මෙතෙක් ආපසු අය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර නොමැති බවද විගනන නිලධාරීන් සිය වාර්තාවේ සදහන් කර ඇත.

  1. RJYA BANKU WALIN BILLION GANAN NAYA GANIPU DESHAPALUWO, LOKU BUSINESS KARAYO GANIPU NAYA POLIYA GEWEEMA NOSALAKA HERALA AMATHAKA KARA DAMALA MAGA HERALA INNAW. UNTA NADUTH NAHE, NEETHIYA KRIYTHMAKA WENNETH NAHE. AYE AYE UNTAMA NAYA DENAWA. API BANKUWAKIN NAYAK GANNA GIYOTH UPATHE SITA HEMA HU…MA AHANAWA, FORMS GODAK PURAWANNA ONA, MASA GANAK BALAGENA INNA ONA. EKA SULU MISTAKE EKAKIN REJECT KARANAWA. CRIB EKE CREDIT CARD EKAK DUE WELA THIBUNATH ATHI. EYI YAKO OA LAKSHA 63 KAPA HERAPALLAKO.