පානදුර නුගේගොඩ බස් රථයක් අද දහවල් 2.30ට පමණ රියදුරු ගේ පාලනයෙන් ගිලිහී අසල තිබූ බස් රථ නැවතුම් පොලේ සහ ට්රාන්ස්පෝමරය සහිත විදුලි කණුවක ගැටී ඇති අතර එම සිදුවීමෙන් ට්රාන්ස්ෆෝමරය ට සහ බස් නැවතුම්පොළට දැඩි හානි සිදු වී ඇත.
මෙම සිදුවීමෙන් බස් රථයේ කොන්දොස්තර සහ බස් නැවතුම්පොලේ සිටි කාන්තාවක් සුළු තුවාල සහිතව රෝහල් ගත කර ඇත.
මොරටුව පොලිසිය මගින් රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මොරටුව පොලිසිය විසින් සිදුකරනු ලබයි
