නොහොඹිනා වැඩවලට දරුවන් පොළඹවා ගන්න සමාජ මාධ්‍ය ඔස්සේ තැත්කළ අයෙක් අත්අඩංගුවට

ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කුඩා දරුවන් පොළඹවා ගැනීමේ විවිධ වාක්‍ය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්කළ පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවල දී මෙම පුද්ගලයා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

“පුංචි ළමයිට ආසයි”, “තුරුළු කරගන්න ආසයි” යනුවෙන් කුඩා දරුවන් ඒ කෙරෙහි පොළඹවා ගැනීම සඳහා විවිධ වැකි සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව පරිගණක අපරාධ ඒකකය මඟින් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස 30 හැවිරිදි වියේ පසුවන මෙම අවිවාහක පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පාපොච්ච්රණය කර ඇත්තේ, තමන් කුඩා කාලයේ දී අපයෝජනයට ලක් වූ බවයි.

ඒ, හේතුවෙන් එම මතකය සිතෙහි ගැබ්ව තිබෙන බැවින් මෙවැනි වාක්‍ය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඈත්තේ.

එම ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන පොලිසිය සැකකරුගේ එම ක්‍රියාවන් හේතුවෙන් කුඩා දරුවන්ට හානියක් වී තිබේද? ඔහු මුදල් උපයා තිබේ ද? යන්න පිළිබඳව විමර්ශන ආරම්භකර තිබෙනවා.

එමෙන්ම ඔහු කුඩා දරුවන් සම්බන්ධයෙන් එවැනි ආකාරයේ වැකි ප්‍රසිද්ධියට පත් කිරීමේ සැබෑ අරමුණ කුමක්ද යන්න සොයා බැලීමට අංශ කිහිපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03