දියණිය අතවරයකට ලක්ව ඇති බව දැනගත් මව්පිය යුවළ පොලීසිය තුළ දී වස බොයි

තම 13 හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැලවීමත් සමඟ මව්පිය යුවළක් වැලිමඩ පොලිස් ස්ථානය තුළ දී වස පානය කළ පුවතක් වාර්තා වනවා.

එලෙස වස පානය කළ මව්පිය යුවළ අසාධ්‍ය තත්ත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සවස් කාලයේ වැලිමඩ නගරයේ මෙම දැරිය තනියම ගැවසී ඇති අතර, මේ පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ඇයව පොලිස් ස්ථානය වෙත රැගෙන තිබෙනවා.

අනතුරුව ඇයව රෝහල් ගත කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහල මඟින් ඇයගේ වෛද්‍ය වාර්තාව පොලිසිය වෙත යොමුකර ඇති බව සඳහන්.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට දැරිය සහ ඇයගේ මව්පියන් ඊයේ (18) පස්වරුවේ පොලිසිය වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී දැරිය අතවරයට පත්ව ඇති බව දැනගැනීමට ලැබීමත් සමඟ ඇයගේ මව්පියන් විසින් මෙලෙස පොලිසිය තුළ දී වස පානය කර ඇති බව සඳහන්.

මෙම දෙමව්පිය යුවළ පොලිස් ස්ථානය වෙත පැමිණිමේ දී වස බෝතලයක් සඟවාගෙන පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

දැරියගෙන් ලබාගත් ප්‍රකාශය මත දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
17
+1
4
+1
6
+1
36
+1
11
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22