විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරියෙකුගේ ගේ සුද්ද කළ ‘කෙට්ටුවා’ අල්ලයි

සොරාගත් යතුරුපැදියකින් ගොස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න දේපළ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.

‘අලුබෝමුල්ල කෙට්ටුවා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු තවත් කොල්ලකෑම් කිඔහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අදාළ නිවසෙන් සොරා ගන්නා ලද රූපවාහිනී යන්ත්‍රයක්, ගෑස් සිලින්ඩරයක්, විදුලි ස්ත්‍රික්කයක් මෙන්ම සොරා ගෙන තිබූ යතුරුපැදිය සහ කොල්ල කන ලද ජංගම දුරකථන කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහත දී කළුතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට රථගාලකින් සොරා ගන්නා ලද යතුරුපැදියකින් ගොස් මෙම සොරකම් සියල්ල සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 37 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව වාර්තා වන්නේ.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22