කතරගම පුදබිමේ ඇසළ පෙරහර මංගල්‍ය අද සිට

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය අද (19) ආරම්භ වනවා.

අද ඇරඹෙන මෙවර ඇසළ පෙරහර මංගල්‍ය ලබන ජූලි මස 04 වන දින දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

රුහුණු කතරගම දේවාලයේ වසරක් තුළ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඇසළ පෙරහර මංගල්‍ය විශේෂ වන අතර, මෙවර පෙරහර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීමේ මංගල්‍යය පසුගිය 09 වනදා සිදුකරනු ලැබුවා.

මේ අතර මෙවර ඇසළ මංගල්‍ය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට මධ්‍යම පරිසර අධිකාරිය විශේෂ ඉල්ලීමක් කරනවා.

ඒ, අනුව වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙසයි එම අධිකාරිය ඉල්ලා සිටින්නේ.

වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍ය වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර, එලෙස පැමිණෙන අය විසින් අක්‍රමවත්ව කසළ බැහැර කිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ වල ඝණ අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් එක් රැස් වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48
Video thumbnail
කැබිනට් එක නොමඟ යැවීමක් - ට්‍රෙන්ඩරයක් ගැන අර්ජුනගෙන් ප්‍රබල හෙළිදරව්වක්
08:22
Video thumbnail
ත්‍රීරෝද රථයක් පොලිස් නිලධාරියෙක් ය# කරගෙන යන්න ගිය හැටි..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:03