ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

බීමත් රියදුරෙකු සිදුකළ අනතුරකින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ බිරිඳ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

කොළඹ – පිත්තල හන්දියේ ආලෝක සංඥා අසල ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත ලබාදී ඇති පොලිස් මෝටර් රථය පිත්තල හන්දියේ ආලෝක සංඥාවලට නවතා තිබිය දී බීමත් රියදුරෙක් පැදවූ මෝටර් රථයක් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් බීමතින් රිය පැදවූ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදුකළ රියදුරා අද (17) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
12
+1
28
+1
10
+1
34
+1
15
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?