ත්‍රී රෝද රථයක් පෙරළී ළමයින් 9කට තුවාල

ප්‍රමාණය ඉක්මවා පාසල් ළමයින් රැගෙන ගිය ත්‍රී රෝද රථයක් පෙරළීමෙන් දරුවන් 09 දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ යාපනය, උදයපුරම් ප්‍රදේශයේදී අද දහවල් මෙම ත්‍රී රෝද රථය වංගුවක් සහිත ස්ථානයකදී පෙරළී ගොස් ඇති බවයි.

කොළොම්පුතුරෙයි හින්දු විද්‍යාලය හා කොළොම්පුතුරෙයි තුරෙයිරාසා විද්‍යාලයේ පාසල් දරුවන් පාසල් අවසන් වී නැවත නිවෙස් වෙත රැගෙන යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.

පොලිසිය පැවසූවේ ප්‍රමාණය ඉක්මවා දරුවන් රැගෙන යන අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ත්‍රී රෝද රථ රියදුරුද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කළ පාසල් දරුවන්ගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15