පෙම්වතිය මරා මළ සිරුර නිවසේ ජල ටැංකියක සඟවලා

පෙම්වතා විසින් තම පෙම්වතිය ඝාතනය කර ඇයගේ සිරුර ඉදිකරමින් පවතින ඔහුගේ නිවසේ ජල ටැංකියක සඟවා තිබිය දී ඊයේ (09) සොයාගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

අරවින්ද් නැමැති සැකකර පෙම්වතා සති දෙකකට පමණ පෙර කේසර් නැමැති සිය පෙම්වතිය මෙලෙස ඝාතනය කර ඇති බවයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

තම දියණිය අතුරුදන්ව ඇති බවට කේසර්ගේ මව්පියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී ඇයගේ දුරකථනයේ ඇමතුම් විස්තර මත පෙම්වතා වන අරවින්ද් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී සඟවා තිබූ මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා.

ඒ, අනුව යමුනාපාර් කාර්චානා පොලිස් බල ප්‍රදේශයට අයත් මහේව ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති නිවසක ජල ටැංකික තිබී අදාළ තරුණියගේ සිරුර මෙලෙස සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර ඝාතනයට හේතුව කුමක් ද යන්න තවමත් අනාවරණය කරගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
3
+1
11
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59