ටෙලිකොම් ආයතනය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද අවධානය යොමු කර ඇති විෂය ක්ෂේත්‍රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවීමේ බරපතල ඌනතාවක් පෙන්නුම් කරන බව රජයේ අදහස බවයි.

විශේෂයෙන් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සේවා සපයන ආයතනවල ක්‍රියාකාරිත්වය, එම ආයතන මේ වන විටත් නියාමනය වන ආකාරය, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය දත්ත, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, එය ඉටුකර ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හැකියාව මෙන්ම ලෝක ප්‍රවණතා පිළිබඳ විධිමත් හැදෑරීමක් සහ විශ්ලේෂණයක් අවශ්‍ය වනවා.

එසේම, රජය ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතුයි.

එහෙයින් මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගැනීම රජයේ ස්ථාවරය වී තිබෙනවා.

රජය ව්‍යපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර ප්‍රකාශ කර තිබුණේ.

ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ වාර්තාවෙන් හෙළිකර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

අදාළ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සරත් වීරසේකර මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03