spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටෙලිකොම් ආයතනය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද අවධානය යොමු කර ඇති විෂය ක්ෂේත්‍රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවීමේ බරපතල ඌනතාවක් පෙන්නුම් කරන බව රජයේ අදහස බවයි.

විශේෂයෙන් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සේවා සපයන ආයතනවල ක්‍රියාකාරිත්වය, එම ආයතන මේ වන විටත් නියාමනය වන ආකාරය, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය දත්ත, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, එය ඉටුකර ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හැකියාව මෙන්ම ලෝක ප්‍රවණතා පිළිබඳ විධිමත් හැදෑරීමක් සහ විශ්ලේෂණයක් අවශ්‍ය වනවා.

එසේම, රජය ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතුයි.

එහෙයින් මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගැනීම රජයේ ස්ථාවරය වී තිබෙනවා.

රජය ව්‍යපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබාදිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර ප්‍රකාශ කර තිබුණේ.

ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ වාර්තාවෙන් හෙළිකර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

අදාළ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සරත් වීරසේකර මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?