වවුනියාව රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඝාතනයට හිටපු ප්ලොට් නායකයාට මරණ දණ්ඩණය

වවුනියාව රෝහලේ සේවය කරන ලද ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.එස්. මොහිදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ප්ලොට් නායකයෙකු වූ සිවනාදන් ප්‍රේමනාත් නොහොත් ‘නෙඩුමාරන්’ නැමත්තාට පසුගියදා (07) අධිකරණය විසින් මරණ දණ්ඩණය නියමකර තිබෙනවා.

වවුනියාව මහාධිකරණයේ විනිසුරු එම්.ඉලංචේලියන් විසින් මෙම මරණ දණ්ඩණය පනවා ඇති බවයි වවුනියාව අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 2009 වසරේ අප්‍රේල් 20 වනදා වවුනියාවේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී වෛද්‍යවරයාට වෙඩි තැබූ බවට සැකපිට ‘නෙඩුමාරන්’ නොහොත් සිවනාදන් ප්‍රේමනාත් නැමත්තා වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු එවකට ප්ලොට් සංවිධානයේ වවුනියාව, වේප්පම්කුලම් භාරව සිටි තැනැත්තා බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු පසුව ඇපමත මුදාහැර නඩු වාර පැවති අතර, 2015 වසරේ දෙසැම්බර් 31 වනදා නීතිපති දෙපාර්තමේන්තුව විසින් වව්නියාව මහාධිකරණයට අධි චෝදනාපත්‍රයක් ගොනු කිරීමත් සමඟ අදාළ සැකකරු නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණා.

රජයේ අධිනීතීඥ දර්ෂිකා තිරුකුමරන් සහ ආරමුගම් තනූජන් යන අයගේ අධීක්ෂණයෙන් මෙම නඩු විභාගය පැවත්වුණු අතර, එහිදී සැකකරුට එරෙහිව සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබුණා.

එම සාක්ෂි මඟින් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට ඔප්පුවීමෙන් අනතුරුව වසර 14ක් පුරා පැවති මෙම නඩුවේ දී දණ්ඩනීති සංග්‍රහයේ 296 වන වගන්තියට අනුව සැකකරුට මෙලෙස මරණීය දණ්ඩණය නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23