29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
මාලු ව්‍යාපාරිකයාගේ තර්ජන ගර්ජනවලට ලක් ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදී සිටි තිදරු මවද පොලීසිය බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂයක් සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
පළා ගියහොත් සැමියා හා දරුවන් මරා දමන බව ද නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට නිතර තර්ජනය කළ බව ද එම කාන්තාව පොලිසිය කියා ඇත.
කොණ්ඩය කපා දමමින් පිහි පෙන්වා විවිධ හිරිහැරවලට ලක් වූ බව ද එම කාන්තාව පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත.
තිදරු මවගේ මව අවස්ථා ගණනාවකදී පොලිස් ස්ථාන රැසක පැමිණිලි කළත් කිසිදු ස්‌ථානයකින් සාධාරණයක් නොවු බව ඇය දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු අදාල විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය වෙත භාර දී තිබුණි.
ඒ අනුව ඇය ඇතුළු කණ්ඩායම මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී අදාල කාන්තාවට තර්ජනය කිරීමට යොදා ගත් බව කියන මාලු කපන පිහි 05 ක් හා කිනිස්සක් සොයා ගනු ලැබීය.
ඊට අමතරව ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබු ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බව පොලීසිය කියයි.
36 හැවිරිදි සැකකරු අදාල තිදරු මවගේ ඥාති මාමා කෙනකු වන බව ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

me genu manussaya complai kalama action nogath police lokkange genu muta denna ona. anna ethakota unta therum yayi prashne hariyatama.