විභාගයට පෙනී සිටි සාමාන්‍ය පෙළ සිසුවාට පාසල තුළදීම අමානුෂික ලෙස පහර දීලා

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මහනුවර ,කටුගස්තොට ප්‍රධාන පෙලේ පාසලක සිසුවෙකුට එම විදුහලේම සිසු පිරිසක් විකට් පොලු වලින් දරුණු ආකාරයෙන් පහරදීම නිසා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදීම හේතුවෙන් අදාළ සිසුවාට (06) දින ලබාදුන් ගණිතය දෙවන ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටීමේ අවස්ථාවද මඟහැරී තිබෙනවා.

ගණිතය පළමු ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලියා අදාළ සිසුවා විදුහලේ ආපනශාලාව වෙත තවත් සිසු පිරිසක් සමඟ ගොස් තිබේ. දෙවන ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටීමට යමින් සිටියදී එම සිසුවාගේම පන්තියේ සිසුන් පිරිසක් තොට විභාගේ ලියන්න දෙන්නේ නැතැයි පවසා අදෘළ පහරදීම සිදුකර තිබෙන බව වාර්තා වනවා.

පහර කෑමට ලක්වූ සිසුවා අධ්යාපන කටයුතු සඳහා දක්ෂ අයෙකු බව දැන ගන්නට ඇත. සිසුවාට පහර දුන් සිසු පිරිස කිසියම් අධ්යාපනික හේතුවක් මත ඔහු සමග අමනාපයෙන් සිටි බවද සඳහන් වේ. තුවල ලද සිසුවා මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 11 ප්‍රතිකාර ලබන බව රෝහල් පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්රනාන්දු මහත්මිය සඳහන් කළේ ප්රතිකාර ලබන බැවින් මෙම සිසුවාට පාසල වෙත ගොස් විභාගයේ ඉදිරි විෂයන් සඳහා පෙනී සිටීමට අපහසු වේ නම් ඔහුට රෝහලේ සිට විභාගයට පෙනී සිටීම සඳහා තම අවසරය ලබා දුන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
3
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?