මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

වදුරු උණ (Monkey Pox Virus ) වැළදුන රෝගීන් දෙදෙනෙකු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඩුබායි හි සේවය කළ පුද්ගලයෙකුට හට මෙම රෝගය වැළදී සුව වී ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව 25 හැවිරිදි බිරිඳට සහ දින කිහිපයක් වයසැති සිඟිති දියණියට ද රෝගය වැළදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් මේ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ රෝහලක් වෙත පැමිණ සිටියදී රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට ඔවුන්ගේ නිවසෙහි වැඩිහිටියන් දෙදෙනෙකු වාසය කරන අතර ඔවුන්ට මෙම රෝගය වැළදීමේ අවදානමක් නොමැති බැවින් ඔවුන් නීරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීම අවශ්‍ය නොවන බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

වදුරු උණ ආසාධිත රෝගීන් දෙදෙනා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ 04 ඒ වාට්ටුවේ මේ වනවිට නේවාසික ප්‍රතිකාර ලබමින් පසු වනවා.

ඔවුන්ගේ තත්ත්වය යහපත් වන අතර වෙනත් අය කරා මෙම රෝගය පැතිර යාමේ අවදානමක් නොමැති බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19