පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මේ අතර පොලිසිය පැවසුවේ පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මරුදන්කේනි පොලිසිය ගනුවේ ඊයේ (05) පෙනී සිටින ලෙසට දැනුම්දුන් බවයි.
තමන් පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගිවීමට කොළඹ ගොස් සිටින බැවින් අදාළ දැනුම්දීම මත තමන්ට පොලිසියේ පෙනී සිටිමට අපහසු බව මන්ත්‍රීවරයා පොලිසිය වෙත දැනුම් දී ඇති බව සඳහන්.
අදාළ සිද්ධිය පිළිබඳ පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට සිදුකළ දැනුම්දීමක් මතයි ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් නිකුත් කරනු ලැබුවේ.
මන්ත්‍රීවරයා සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩක් තබමින් පවසා ඇත්තේ කොල්ලුපිටිය පොලිසිය විසින් නැවත තමන්ට මරුදන්කේනි පොලිසියේ පෙනී සිටින ලෙසට සිංහල භාෂාවෙන් දැනුම්දීමක් සිදුකළ අතර, තමන්ට සිංහල ලිවීමට හා කියවීමට නොහැකි බවට තමන් ඔවුනට සඳහන් කළ බවයි.
දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පසුගිය 02 වනදා ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු හා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබුණා.
සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට ද බාධා සිදුව ඇති අතර, පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැනුම්දී තිබියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර ද උණුසුම් වචන හුවමාරුවක් හටගත්තා.














Sinhala jathiwadhee anthawadheen wagema demala jathiwadhee anthawadheen bahutharayak thamath apa athara innawa. kata dan agam anthawadheenuth bo wegena yanawa. PaCha Ranawaka, Gembanpila, wani jathiwadayen deshapalanyata apu ewun wagemayi Sampandhan, ponnambalam, sivajilingam, sumanthiran wani un demala jathiwadhayen goda apu un. hebayi ekek wath thamung jathiyata kisima sewayak nokarapu un. hitapu jathiwadhiyo set eka naki welama marila, giya, nathinam demala anthawadheen ho sinhala anthawadheen ho eyi kalaye siti amathila saha lekham la paralowa yawwa. eyi nisa dan uda paninawa adhuyi. thamath asroff, neelan, amirthalingam, pararajasingham,
sidharthan, raviraj, balasingham wani un hitiyanam meka bedhala iwarayi