සූදු ක්‍රීඩා කරන්න දියණිය පොලී මුදලාලිට විකුණලා

බුරුවා ගැසීමට ඇබ්බැහි වූ පියෙක් පාසල් සිසුවියක් වූ තම 16 හැවිරිදි වැඩිමහල් දියණිය මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුට මුදලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මුදල් පොලියට ලබාදෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසුවීම හේතුවෙනුයි මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව හෙළිවී ඇත්තේ වසර දෙකකට පෙර සිය මාමා ද ඇය දූෂණය කර ඇති බවයි.

සැකකාර පියා ඊයේ සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු දැරිය දුෂණය කළ බව කියන ඇයගේ මාමා සහ පොලීකරුවා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

අගලවත්ත පනාදඬුකන්ද ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනෙකු සිටින අඹු සැමි යුවළක් තම නිවසේ දීර්ඝ කාලයක සිට රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙම සූදු පොළට මුදල් පොලියට ලබාදීම සඳහා වරින් වර පැමිණ තිබෙන අතර සැකකාර පියා ද බූරුවා ගැසීමට මෙම පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.

එලෙස මුදල් ලබාගැනීම සඳහා මෙම පුද්ගලයා සමග ඇසුරක් පවත්වන ලෙසට තම වැඩිමහල් දියණියට සැකකාර පියා උපදෙස් දී ඇති අතර ඊට ඇයගේ මවගෙන් කිසිදු අනුමැතියක් ලැබී නැහැ.

එම ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවිය සැකකාර පොලිකරුවා විසින් නිවසට පැමිණ සහ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ වන තෙක් වසරක් තිස්සේ තම මෝටර් රථයෙන් සහ ත්‍රී රෝද රථයකින් විවිධ ස්ථානවලට ගෙන ගොස් දූෂණය කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිසුවිය සම්බන්ධ කර ගැනීම සඳහා සැකකාර පොලිකරුවා විසින් හොර රහසේ සිසුවියට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවත් එය සිසුවියගේ පුංචි අම්මාට සහ බාප්පාට හසුවී දුරකථනය පොලොවේ ගසා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී මෙම රහස් සියල්ල හෙළිවී තිබෙනවා.

ඒ අනුව කළ විමර්ශනවලට අනුව මීට වසර දෙකකට පමණ පෙර 2021 වසරේදි සිසුවියගේ මාමා කෙනෙකු වන විවාහක පුද්ගලයෙකු බීමතින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක පැමිණ සිසුවියට බර පතල ලිංගික අපයෝජනයක් කර ඇති බව ද හෙළිවී ඇතැයි සඳහන්.

සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර පියා අද (31) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පළා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
0
+1
7
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?