සූදු ක්‍රීඩා කරන්න දියණිය පොලී මුදලාලිට විකුණලා

බුරුවා ගැසීමට ඇබ්බැහි වූ පියෙක් පාසල් සිසුවියක් වූ තම 16 හැවිරිදි වැඩිමහල් දියණිය මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුට මුදලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මුදල් පොලියට ලබාදෙන පුද්ගලයා රහසිගතව සිසුවියට ලබා දී තිබූ ජංගම දුරකථනය ඇයගේ පුංචි අම්මාට හසුවීම හේතුවෙනුයි මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ.

පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව හෙළිවී ඇත්තේ වසර දෙකකට පෙර සිය මාමා ද ඇය දූෂණය කර ඇති බවයි.

සැකකාර පියා ඊයේ සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු දැරිය දුෂණය කළ බව කියන ඇයගේ මාමා සහ පොලීකරුවා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

අගලවත්ත පනාදඬුකන්ද ප්‍රදේශයේ පදිංචි දියණියන් දෙදෙනෙකු සිටින අඹු සැමි යුවළක් තම නිවසේ දීර්ඝ කාලයක සිට රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.

කලවාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙම සූදු පොළට මුදල් පොලියට ලබාදීම සඳහා වරින් වර පැමිණ තිබෙන අතර සැකකාර පියා ද බූරුවා ගැසීමට මෙම පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.

එලෙස මුදල් ලබාගැනීම සඳහා මෙම පුද්ගලයා සමග ඇසුරක් පවත්වන ලෙසට තම වැඩිමහල් දියණියට සැකකාර පියා උපදෙස් දී ඇති අතර ඊට ඇයගේ මවගෙන් කිසිදු අනුමැතියක් ලැබී නැහැ.

එම ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවිය සැකකාර පොලිකරුවා විසින් නිවසට පැමිණ සහ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගෙන 2022 වසරේ සිට මේ වන තෙක් වසරක් තිස්සේ තම මෝටර් රථයෙන් සහ ත්‍රී රෝද රථයකින් විවිධ ස්ථානවලට ගෙන ගොස් දූෂණය කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිසුවිය සම්බන්ධ කර ගැනීම සඳහා සැකකාර පොලිකරුවා විසින් හොර රහසේ සිසුවියට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවත් එය සිසුවියගේ පුංචි අම්මාට සහ බාප්පාට හසුවී දුරකථනය පොලොවේ ගසා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකදී මෙම රහස් සියල්ල හෙළිවී තිබෙනවා.

ඒ අනුව කළ විමර්ශනවලට අනුව මීට වසර දෙකකට පමණ පෙර 2021 වසරේදි සිසුවියගේ මාමා කෙනෙකු වන විවාහක පුද්ගලයෙකු බීමතින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක පැමිණ සිසුවියට බර පතල ලිංගික අපයෝජනයක් කර ඇති බව ද හෙළිවී ඇතැයි සඳහන්.

සිසුවිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර පියා අද (31) මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පළා ගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14