පුංචි බිලිඳිය හිටිහැටියේ මියගිය හේතුව

වවුනියාව ,සිදම්බරපුරම් , කට්කුලම් හි නිවසක මසක් වයසැති බිලිඳියක ඊයේ(29) මියගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

නාසයෙන් හා මුඛයෙන් රුධිර වහනය වීම හේතුවෙන් බිලිඳිය වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ වවුනියාව ,සිදම්බරපුරම් , කට්කුලම් ලිපිනයේ පදිංචි අජන්දන් ලකීෂා නැමති බිලිඳියකි

පොලිසිය පැවසූයේ 28 වැනිදා රාත්‍රියේ මියගිය බිලිඳියට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් ඇයගේ මව විසින් වවුනියාව සිදම්බරපුරම් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව මහරෝහලට ඇතුලත් කොට ඇති බවයි.

මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව බිලිඳිය මියගොස් ඇති අතර හිසේ තැලුම් ස්ථානයක තුවාලයක් පැවති බවත් එය සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් නිශ්චිත අනාවරණයක් නොවූ බවත් පොලිසිය පැවසීය.

මියගිය බිලිඳියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහරෝහලේ මෘත ශරීරාගාරයේදී සිදුකෙරිණ. දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.වාසුදේව මහතා විසින් සිදුකළ අතර හිසේ ඇතිවුන තුවාල සහ හිසට වැදුන මොට බලවේගයක කම්පනය හේතුවෙන් බිළිඳිය මියගොස් ඇති බවට අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරපුම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17