හෙට සිට පොසොන් සතිය ඇරඹෙයි

පොසොන් සතිය හෙට (31) දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ, අනුව මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් හෙට (31) දිනයේ සිට ලබන 06 වනදා දක්වා රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා තැබීමට නියමිතයි.

එමෙන්ම මස් මාංශ වෙළෙඳසැල් ද මෙම පොසොන් සතිය තුළ වසා තබන ලෙස නියෝග කර ඇති අතර, මෙම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙසට ද ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?