ජලාශයට වැටුණු දුරකථනය ගන්න ජලය ලීටර් ලක්ෂ 21ක් ඉවත් කළ රාජ්‍ය නිලධාරියා

ජලාශයට වැටුණු තම මිල අධික දුරකථනය ලබා ගැනීමට එම ජලාශයේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කළ රාජ්‍ය නිලධාරියෙකු පිළිබඳ ඉන්දියාවේ චටිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

තම දුරකථනය නැවත ලබා ගැනීම සඳහා ඔහු එම ජලාශයේ ජලය ලීටර් ලක්ෂ 21ක් පමණ ඉවත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම ජලය භාවිතයට නුසුදුසු බවත් මෙලෙස ජලය ඉවත් කිරීමට තම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් වාචික අවසරයක් ලබා ගත් බවයි.

මෙම දුරකථනය ඉන්දීය රුපියල් 95,000ක් පමණ වටිනා (Samsung S23 ultra) එකක් බව සඳහන්.

කන්කර් දිස්ත්‍රික්කයේ පකන්ජුර් නගරයේ සේවය කරන ආහාර පරීක්ෂකවරයෙකු වන 32 හැවිරිදි රාජේෂ් විශ්ව නම් මෙම රාජ්‍ය නිලධාරියා මිතුරන් සහ පවුලේ ඥාතීන් සමග විනෝද චාරිකාවක ගොස් සිටියදී කර්කට්ටා වේල්ල අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී යි දුරකථනය ජලාශයට වැටී ඇත්තේ.

දුරකථනය අඩි 15ක් පමණ ගැඹුරු ජලයට වැටී ඇති අතර ප්‍රදේශවාසීන් එය සොයා ගැනීමට උත්සාහ කර තිබුණා.

“පිහිනීමට දන්නා ඇතැම් ගැමියන් මගේ දුරකථනය සෙවීමට සහාය වුණා. ඔවුන් එය දින දෙකක් පුරා සෙව්වා. අඟහරුවාදා වන විට ඔවුන් එය සොයා ගැනීමට අපොහොසත් වූ විට, ඔවුන් යෝජනා කළේ අඩි කිහිපයක් ජලය බැස යාමට සලස්වන ලෙසටයි. මම කිව්වා මේ වෙනකොට ෆෝන් එක ඩැමේජ් වෙයි කියලා, ඒත් මාත් එක්ක හොඳ සම්බන්ධයක් තියෙන ප්‍රදේශවාසීන් ඒක මට හොයලා දෙන්නම් කියලා තරයේ කියා සිටියා.”

එම සියලු උත්සාහයන් අසාර්ථක වීම හමුවේයි මෙම නිලධාරියා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ උප ප්‍රාදේශීය නිලධාරියෙකු අමතා වාචික අවසරයක් ලබාගෙන ඩීසල් පොම්පයක් කුලියට ගෙන දින 3ක් පුරා ජලාශයේ ජලය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ.

දුරකථනය ලබා ගැනීම සඳහා ජලය ඉවත් කිරීමේදී ගොවිබිම් අක්කර 1,500කට ජලය සැපයීමට ප්‍රමාණවත් ජලය ලීටර් ලක්ෂ 21ක් ජලාශයෙන් පිටතට ගොස් ඇති බව සඳහන්.

තමා මීට මාස දෙකකට පෙර මෙම දුරකථනය මිලදී ගත් බවත් එය ජලාශයට වැටීම නිසා දැඩි ලෙස කලබල වූ බවත් විශ්වාස් වැඩිදුරටත් ප්‍රකාශ කළා. රාජේෂ් විශ්වස් කියාසිටියේ දුරකථනය තුළ නිල දෙපාර්තමේන්තු දත්ත තිබූ බැවින් එය නැවත ලබා ගැනීමට සිදු වූ බවයි.

“ඉරිදා මම යාළුවො කීප දෙනෙක් එක්ක වේල්ලට ගියා නිවාඩු දවසෙ එහෙ නාන්න. මගේ දුරකථනය ජල ටැංකි තුළට ලිස්සා වැටුණා. එය අඩි 10 ක් ගැඹුරුයි. ප්‍රදේශවාසීන් එය සොයා ගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වුණා. අඩි දෙක තුනක් නොගැඹුරු නම් එය නිසැකවම සොයාගත හැකි බව ඔවුන් මට පැවසුවා. මම SDO ට කතා කරලා, එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැත්නම් ළඟ තියෙන ඇළට වතුර ටිකක් දාන්න දෙන්න කියලා අවසර ඉල්ලුවා. අඩි තුන හතරක් ගැඹුරට ජලය බැස ගියහොත් එය ප්‍රශ්නයක් නොවන බවත් ඇත්ත වශයෙන්ම වැඩි ජලය ගොවීන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති බව ඔහු ප්‍රකාශ කළා. අඩි තුනක් පමණ ජලය බැස යාමෙන් පසු ප්‍රදේශවාසීන්ගෙන් උදව් ලබාගෙන මගේ දුරකථනය නැවත ලබා ගත්තේ ඒ නිසයි.

සඳුදා සවස ජලය බැස යාමට පටන් ගත් අතර එය බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක වී තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත වාරිමාර්ග හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එම ස්ථානයට පැමිණ මෙහෙයුම නතර කර තිබෙනවා.

කෙසේ වෙතත්, එය නතර කරන විටත් ජලාශයේ ජල මට්ටම අඩි හයක් දක්වා පහළ බැස තිබු බවයි වාර්තා වන්නේ. එය ආසන්න වශයෙන් ලීටර් ලක්ෂ 21ක් පමණ වන බව සඳහන්. මෙම ප්‍රදේශයේ ග්‍රීෂ්ම කාලවලදී පවා අඩි 10කට වඩා ජලාශයේ ජලය පවතින අතර වන සතුන් මෙන්ම ප්‍රදේශවාසීන් ද ඉන් ජලය පානය කරන බවයි වාර්තා වන්නේ.

මෙතරම් ජලය ප්‍රමාණයක් අපතේ යවමින් අදාළ දුරකථනය යළිත් ලබාගත්ත ද එය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයේ පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

හිටපු චතිස්ගාර් මහ ඇමති සහ භාරතීය ජනතා පක්ෂ නායක රමන් සිං, භූපේෂ් බගෙල්ගේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රස් ආන්ඩුවට බැන වැදුනේ, ඒකාධිපති ප්‍රාන්ත ආන්ඩුව යටතේ නිලධාරීන් මෙම කලාපය ඔවුන්ගේ පාරම්පරික දේපලක් ලෙස සලකන බව පවසමින්.

අධික රස්නය තුළ ජනතාව ජල ටැංකිවලින් යැපෙන තත්වයක් තුළ නිලධාරියෙකු ජලය ලීටර් ලක්ෂ 21ක් අපතේ යැවූ බවටයි ඔහු චෝදනා කළේ.

මෙම නිලධාරියාගේ වැඩ තහනම් කරමින් ප්‍රධානියෙකු සඳහන් කළේ ජලය ඉවත් කිරීමට නිලධාරියාට බලයක් නොමැති බවයි. එබැවින් ඔහුගේ සේවය අත්හිටවූ බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
35
+1
2
+1
6
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20