මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණියගේ විවාහ උත්සවය අද (27) දිනයේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, සඳහා තරුණිය අද අලුයම සිය නිවෙසේ දී සූදානම් වෙමින් සිටින අතර තුර මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති බවයි වැලිගම පොලිසිය පැවසුවේ.

අද අලුයම තුනට පමණ තරුණියගේ නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් මනමාලියට මෙලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් තිබෙනවා.

අදාළ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව ඇයගේ දෙමව්පියන්ගේ උපදෙස් මත එම සම්බන්ධතාවය නවතා දැමීමටයි තරුණිය කටයුතු කර ඇත්තේ.

ඊට පළිගැනීමක් ලෙස එම පෙම්වතා විසින් ඇයට මෙලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
31
+1
19
+1
11
+1
71
+1
22
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?