මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තරුණියගේ විවාහ උත්සවය අද (27) දිනයේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, සඳහා තරුණිය අද අලුයම සිය නිවෙසේ දී සූදානම් වෙමින් සිටින අතර තුර මෙලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇති බවයි වැලිගම පොලිසිය පැවසුවේ.

අද අලුයම තුනට පමණ තරුණියගේ නිවසට ඇතුළු වූ පුද්ගලයෙක් මනමාලියට මෙලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් තිබෙනවා.

අදාළ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව ඇයගේ දෙමව්පියන්ගේ උපදෙස් මත එම සම්බන්ධතාවය නවතා දැමීමටයි තරුණිය කටයුතු කර ඇත්තේ.

ඊට පළිගැනීමක් ලෙස එම පෙම්වතා විසින් ඇයට මෙලෙස ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51