ජපානයේ ප්‍රබල භූ චලනයක්

ටෝකියෝ සහ නැගෙනහිර ජපානයේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූ කම්පනය චිබා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 44.5 (සැතපුම් 28) ගැඹුරින් කේන්ද්‍රගත වී ඇති බවයි ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

එම ප්‍රදේශයේ දුම්රිය සේවා ටික වේලාවකට නතර කර ඇති අතර ටෝකියෝ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථ තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ටෝකියෝ වැසියන්ට භූ කම්පනයේ සෙලවීම දැනෙන්නට මොහොතකට පෙර, භූමිකම්පා පිළිබඳ ජපානයේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විශාල කම්පනයක් ගැන අනතුරු අඟවා තිබුණා.

චීබා සහ ඉබරාකි ප්‍රාන්තවල භූමිකම්පාව දුර්වල ලෙස සටහන් වූ අතර ටෝකියෝ අගනුවරට දැඩි ලෙස දැනුණු නමුත් විශාල හානියක් පිළිබඳ වාර්තා වී නැහැ.

Ibaraki හි පිහිටා ඇති Tokai අංක 2 න්‍යෂ්ටික බලාගාරයේ කිසිදු අසාමාන්‍යතාවයක් වාර්තා වී නොමැති බව එහි ක්‍රියාකරුවන් පවසනවා.

ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී ප්‍රදේශයක් වන ජපානයේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙනවා.

රික්ටර් පරිමාණයේ 6 හෝ ඊට වැඩි ප්‍රබලත්වයෙන් යුක්තව ලොව සිදුවන භූමිකම්පාවලින් පහෙන් එකක් පමණ සිදු වන්නේ ජපානයේයි.

අද කම්පනය වාර්තා වන්නේ ඉෂිකාවා ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපක 6.5 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී සති තුනකට පසුවයි.

ප්‍රබල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා ජපානයේ දැඩි ඉදිකිරීම් රෙගුලාසි පවතින අතර, ප්‍රධාන ව්‍යසනයන් සඳහා සූදානම් වීම වෙනුවෙන් හදිසි අභ්‍යාස පැවැත්වීම ද පුරුද්දක් ලෙස සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජපානයේ සිටින අතර ජනාධිපතිගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “මෙම භූමිකම්පාව තමන් මුලින්ම අත්විඳින අතර, නිසැකවම මෙවැනි විශාලත්වයේ එකක් මීට පෙර දැනී නැත” යනුවෙන්.

Dinouk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34