IPL අවසන් මහා තරගය අතර තුර 2023 ආසියානු කුසලානය ගැන විශේෂ සාකච්ඡාවක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක්.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්ථානය සත්කාරකත්වය දරණු ලබන නමුත්, ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීම ආරම්භයේ සිටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ, අනුව 2023 ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක කතා බහ මතුව ආවා.

තත්ත්වය එසේ තිබිය දී ඇතැම් පාර්ශ්වයන් යෝජනා කළේ මෙවර තරගාවලිය පාක්ස්ථානයේ සත්කාරකත්වය යත්තේ එරටින් බැහැර වෙනත් රටක පැවැත්වීම සුදුසු බවයි.

එසේත් නොමැති නම් තරගාවලිය පකිස්ථානයේ පවත්වා ඉන්දියාව සහභාගීවන තරග පමණක් පාකිස්ථානයෙන් පිට වෙනත් රටක දී පැවැත්වීම සුදුසු බවයි.

ඒ, අනුව එම යෝජනාවන් දෙක සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නම් යෝජනා වූ අතර, ඉහත යෝජනාවන් දෙක සඳහා කැමැත්ත පළ කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිටත් යම් මැලිකමක් දක්වා තිබෙනවා.

එවැනි තත්ත්වයක් තිබිය දී ලබන ඉරිදා (28) ශ්‍රී ලංකා, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථාන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානීන් අහමදාබාද් හි රැස්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් ඔවුන් අතර සාකච්ඡා කිරීමට නියමත බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව නිල නොවන මට්ටමේ සාකච්ඡා වන අතර, ඊට හේතුව වී ඇත්තේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානීන් මේ සඳහා එක් නොවීමයි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සියයේ සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා සඳහන් කළේ මෙවැන්නක්.

“BCB, SLC සහ ACB හි සභාපතිවරුන් අහමදාබාද්හි පැවැත්වෙන අයි.පී.එල්. අවසන් තරඟයට සහභාගී වනවා.2023 ආසියානු කුසලානයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගෙනහැර දැක්වීම සඳහා අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.”

කෙසේ වෙතත් 2023 ආසියානු කුසලානය පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇත්තේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් පමණක් වන අතර, ආසියානු ක්‍රිකට් කවුන්සිල මීළඟ රැස්වීම සඳහා තවමත් දින නියම කර නොමැතිවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19