IPL අවසන් මහා තරගය අතර තුර 2023 ආසියානු කුසලානය ගැන විශේෂ සාකච්ඡාවක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක්.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්ථානය සත්කාරකත්වය දරණු ලබන නමුත්, ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීම ආරම්භයේ සිටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ, අනුව 2023 ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක කතා බහ මතුව ආවා.

තත්ත්වය එසේ තිබිය දී ඇතැම් පාර්ශ්වයන් යෝජනා කළේ මෙවර තරගාවලිය පාක්ස්ථානයේ සත්කාරකත්වය යත්තේ එරටින් බැහැර වෙනත් රටක පැවැත්වීම සුදුසු බවයි.

එසේත් නොමැති නම් තරගාවලිය පකිස්ථානයේ පවත්වා ඉන්දියාව සහභාගීවන තරග පමණක් පාකිස්ථානයෙන් පිට වෙනත් රටක දී පැවැත්වීම සුදුසු බවයි.

ඒ, අනුව එම යෝජනාවන් දෙක සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නම් යෝජනා වූ අතර, ඉහත යෝජනාවන් දෙක සඳහා කැමැත්ත පළ කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිටත් යම් මැලිකමක් දක්වා තිබෙනවා.

එවැනි තත්ත්වයක් තිබිය දී ලබන ඉරිදා (28) ශ්‍රී ලංකා, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථාන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානීන් අහමදාබාද් හි රැස්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් ඔවුන් අතර සාකච්ඡා කිරීමට නියමත බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව නිල නොවන මට්ටමේ සාකච්ඡා වන අතර, ඊට හේතුව වී ඇත්තේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානීන් මේ සඳහා එක් නොවීමයි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සියයේ සභාපති මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා සඳහන් කළේ මෙවැන්නක්.

“BCB, SLC සහ ACB හි සභාපතිවරුන් අහමදාබාද්හි පැවැත්වෙන අයි.පී.එල්. අවසන් තරඟයට සහභාගී වනවා.2023 ආසියානු කුසලානයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගෙනහැර දැක්වීම සඳහා අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.”

කෙසේ වෙතත් 2023 ආසියානු කුසලානය පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇත්තේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් පමණක් වන අතර, ආසියානු ක්‍රිකට් කවුන්සිල මීළඟ රැස්වීම සඳහා තවමත් දින නියම කර නොමැතිවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52