ජපන් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 27 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ බිරිද නීත්‍යණුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන තැනැත්තියක බවට ද හඳුනා ගෙන තිබෙනවා.

තම බිරිඳ විසින් පවත්වා ගෙන යන විදේශ රැකියා නියෝජිත ආයතනයේ නම අලවි කරමින් සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ව ජපානයට යවන බව පවසා මුදල් ලබා ගෙන ඇති බවටයි සිදු කර ඇති විමර්ශණවලින් හෙළිවී ඇත්තේ.

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 08ක මුදලක් ඉල්ලා ඇති බවත්, එලෙස මුදල් ලබා දුන් පුද්ගලයින් 09 දෙනෙකු විසින් සිදු කර ඇති පැමිණිලි අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හැර ඇතැයි සඳහන්.

සැකකරුට විදේශ ගමන් තහනම් නියෝගයක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49