spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපන් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 27 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගේ බිරිද නීත්‍යණුකූල විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන තැනැත්තියක බවට ද හඳුනා ගෙන තිබෙනවා.

තම බිරිඳ විසින් පවත්වා ගෙන යන විදේශ රැකියා නියෝජිත ආයතනයේ නම අලවි කරමින් සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ව ජපානයට යවන බව පවසා මුදල් ලබා ගෙන ඇති බවටයි සිදු කර ඇති විමර්ශණවලින් හෙළිවී ඇත්තේ.

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 08ක මුදලක් ඉල්ලා ඇති බවත්, එලෙස මුදල් ලබා දුන් පුද්ගලයින් 09 දෙනෙකු විසින් සිදු කර ඇති පැමිණිලි අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හැර ඇතැයි සඳහන්.

සැකකරුට විදේශ ගමන් තහනම් නියෝගයක්ද අධිකරණය විසින් පනවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?