ඩෙංගු පැතිරීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්න – අගමැතිගෙන් උපදෙස්

සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ අද (25) පැවැති සාකච්ඡාවකදී යි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ.

ආණ්ඩුකාරවරුන්, පළාත් සභා ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී කරවා ගනිමින් පැවැති මෙම සාකච්ඡාවේදී සිය බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු රැස්කරමින් රෝගය පාලනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

ඔහු සඳහන් කළේ තවදුරටත් රෝගය පැතිරී යාම වැළැක්වීමට ප්‍රමුඛතාවය දිය යුතු බැවින් මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා රෝග පාලනයට ක්‍රියාත්මක වැඩසටහන් නොනවත්වා පවත්වා ගෙන යාම අවශ්‍ය බවයි.

ඩෙංගු රෝගය පාලනයට ඒ ඒ පළාත්වල මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරු අදහස් දැක්වූවා. ඉදිකිරීම් භූමි, පාසල් හා ආගමික ස්ථාන ආශ්‍රීතව ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් එවැනි ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන බවත් ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් සුවිශේෂී දායකත්වයක් හිමිවන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27