දළදා මාලිගා අයවැය ගිණුම් නඩුවේ ජය දියවඩන නිලමේවරයාට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව හිටපු බස්නායක නිළමේවරයෙකු වන සුදන්ත සේනානායක මහතා විසින් පවරා තිබූ නඩුවක් නිෂ්ප්‍රභා කරමින් නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදීප් නිලංග දෑල මහතාට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව අද මහනුවර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කාර්තු අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙනුයි හිටපු බස්නායක නිළමේවරයා මෙම නඩුව ගොනු කර තිබුණේ.

ඒ අනුව සුදන්ත සේනානායක මහතා විසින් අදාළ මුදල අධිකරණයේ දී දියවඩන නිළමේවරයා වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

2012 වසරේ දී සුදන්ත සේනානයක මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් කර නොමැති බවට චෝදනා කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබුණා.

එම නඩුව විභාගයට ගැනීමට තිබිය දී දියවඩන නිළමේවරයා විසින් ඊට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් සිදුකළ කරුණු දැක්වීමකට අනුවයි මහාධිකරණ විනිසුවරුවරයා නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබුවේ.

කාර්තු හතකරට අදාළව ගිණුම් වාර්තා නිසි ලෙස ඉදිරිපත් නොකළ බව කියමින් අදාළ නඩුව ගොනුකර තිබූ බැවින් එක් නඩුවකට රුපියල් 125,000 බැගින් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙසටයි මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කරුට නියෝග කළේ.

එම නියෝගයට එරෙහිව අභියාචනා අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට සුදන්ත සේනානායක මහතා කටයුතු කර තිබූ අතර මහාධිකරණය මගින් ද අදාළ තීන්දුව ඒ ආකාරයෙන්ම තහවුරු කර තිබුණා.

ඊට එරෙහිව සුදන්ත සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර එහි දී අභියාචනාධිකරණයේ තීන්දුව වෙනස් කරමින් එක් නඩුකරයක් සඳහා රුපියල් 25000 බැගින් රුපියල් ලක්ෂයක් මුදලක් දෑල බණ්ඩාර මහතාට ගෙවන ලෙසටයි තීන්දුවක් ලබා දුන්නේ.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් සිදු කරනු ලැබුවා.

දියඩවන නිළාමේ ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් සමන් තන්තිරිගේ මහතා ද සුදන්ත සේනානායක මහතා වෙනුවෙන් මතීෂ සෙනෙවිරත්න මහතා ද පෙනී සිටියා.

පසුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ දියවඩන නිලමේවරයා කියා සිටියේ එකම සුළු පිරිසක් විසින් එකම චෝදනා විවිධාකාරයෙන් නගමින් තමා අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළ ද එම උත්සාහය සාර්ථක නොවූ බවයි.

සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් තමා මෙම නඩුව ගොනු කළ බව සුදන්ත සේනානායක මහතා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38