පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට ටිකිරි කේ. ජයතිලක පත්වෙයි

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතා පත් කර තිබෙනවා.

ඔහුගේ පත්වීම ඊයේ (23) සිට බලාත්මක බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ.

2002 වර්ෂයේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ටිකිරි කේ. ජයතිලක මහතා රජයේ අධිනීතීඥයෙකු ලෙස මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ රැසක නඩු කටයුතු මෙහෙයවා තිබෙනවා.

වසර 2006 දී අධිකරණ සේවයට සම්බන්ධ වූ ජයතිලක මහතා මහේස්ත්‍රාත්වරයෙකු සහ අතිරේක දිසා විනිසුරුවරයෙකු ලෙස සේවය කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අධිකරණ ගණනාවක සේවය කර තිබෙනවා.

2015 වසරේ දී සහකාර මහ ලේකම්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක්වන ජයතිලක මහතා ව්‍යවස්ථාදායක සේවා පිළිබඳ සහකාර මහ ලේකම්වරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

ටිකිරි කේ. ජයතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ද, නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධිය ද හදාරා ඇති අතර ඔහු ප්‍රජා පාදක විශෝධනය පිළිබඳ ග්‍රන්ථයක්ද පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01