කෝටි 3ක කුෂ් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි

ගුවන් තැපෑල ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ රුපියල් තුන් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් (34,750,000) වටිනා “කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ මෙම මත්ද්‍රව්‍ය එහි සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසිනුයි සොයා ගෙන ඇත්තේ.

ගුවන් තැපෑල ඔස්සේ පාර්සල් 10ක් බොරැලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල පිහිටි නිවාසවල ලිපිනයන් වෙත යොමු කර තිබුණා.

එහෙත් මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම හේතුවෙනුයි රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට දී මේවා විවෘත කර පරීක්ෂා කර ඇත්තේ.

එහිදී එම පාර්සල් තුළ “කුෂ්” නැමැති ගංජා කිලෝ 03යි ග්‍රෑම් 475ක් තිබී සොයා ගෙන තිබෙනවා.

මේ වනවිට මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43