සිය පෙම්වතිය පිටු පෑම හේතුවෙන් තම ජීවිතය ගැන කළකිරී පෙම්වතිය සේවය කල වෙළද සැල ඉදිරිපිට සිය දිවි හානි කර ගැනීමට වස පානය කල තරුණයෙකු ගේ ජීවිතය බේරා ගැනීමට වැලිමඩ පොලීසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකු සමත්වී තිබෙනවා.
වැලිමඩ නගරයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් රත්නායක හට පුද්ගලයෙකු පවසා ඇත්තේ වැලිමඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකුවක් අසල තරුණයෙකු වස බෝතලයක් අතැතිව සිටින බවයි වහා ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් වරයා අදාල ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී අදාල තරුණයා වස බෝතලයෙන් භාගයක්ම පානය කර තිබී ඇත. වහා ක්‍රියාත්මක වූ සැරයන්වරයා වස බෝතලය උදුරා ඉවත් කර තම යතුරු පැදියෙන්ම වස පානය කල තරුණයා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
වැලිමඩ ඩයරබා ප්‍රදේශයේ පදිංචි විසිතුන් හැවිරිදි තරුණයා තම පෙම්වතිය තමන් හට පිටුපෑම හේතුවෙන් තමන් මෙසේ ඇය සේවය කල වැලිමඩ නගරයේ පිහිටි වෙළද සැල ඉදිරිපිටට පැමිණ වස පානය කල බව පවසා තිබේ.
අදාල තරුණයා මේ වන විට වැලිමඩ මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි