හෙල්මට්වලින් සිසුවෙකුට පහරදුන් සිසුන් 2ක් අල්ලයි (ඡායාරූප)

වව්නියාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට හෙල්මට්වලින් සහ පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පාසල් සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් තවත් සිසුවෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලට අනුවයි සැකපිට සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පහරකෑමෙන් සිසුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ සිසුවාට හෙල්මට් හා පොලු මුගුරුවලින් පහරදුන් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිසුන් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් පහරදීමට හේතුවී ඇති අතර සිසුවාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා පහරදීමට සම්බන්ධ අනෙක් සිසුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මීට පෙර සිසුන් තිදෙනෙකු හෙල්මටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියක් ද වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18