වව්නියාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට හෙල්මට්වලින් සහ පොලු මුගුරුවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පාසල් සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් තවත් සිසුවෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලට අනුවයි සැකපිට සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පහරකෑමෙන් සිසුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
පොලිසිය පැවසූවේ සිසුවාට හෙල්මට් හා පොලු මුගුරුවලින් පහරදුන් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිසුන් අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් පහරදීමට හේතුවී ඇති අතර සිසුවාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා පහරදීමට සම්බන්ධ අනෙක් සිසුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මීට පෙර සිසුන් තිදෙනෙකු හෙල්මටයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියක් ද වාර්තා වුණා.


















