AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන් සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අදාළ නෞකා සමාගම් වලින් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර තිබෙනවා.

වන අරණ පදනම ඇතුළු පාර්ශව හතරක් විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඇතුළු එම නෞකාවේ හිමිකරු, රක්ෂණකරු, ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් 8ක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නෞකාව කොළඹට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වීම නිසා එම නෞකාවේ තිබූ ඉන්ධන ජලයට මුසු වීම තුළින් දැඩි පාරිසරික මෙන්ම ආර්ථික හානියක් ද මෙරටට සිදුවි ඇති බවයි.

අදාළ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම තුලින් විශාල සාගර දූෂණයක් සිදු වූ අතර එම රසායනික ද්‍රව්‍ය වාතයට මුසු වීම හරහා වායු දූෂණය වීමක් ද සිදු වී තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල පිරිසක් මරණයට පත් වූ අතර ධීවරයින් විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි වී ගිය බවයි පෙත්සමේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල සිදු වූ මෙම අනතුර නිසා අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමට අදාළ නෞකා සමාගම් බැඳී සිටින බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව අදාළ නෞකා අතුරෙන් සිදු වූ අගතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.4 කට අධික (6,483,416,430.49) වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන නියෝග නිකුත් කළ ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?