එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා පෙත්සමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන් සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන හයකට අධික වන්දියක් අදාළ නෞකා සමාගම් වලින් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කර තිබෙනවා.

වන අරණ පදනම ඇතුළු පාර්ශව හතරක් විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම ඇතුළු එම නෞකාවේ හිමිකරු, රක්ෂණකරු, ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් 8ක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ නෞකාව කොළඹට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වීම නිසා එම නෞකාවේ තිබූ ඉන්ධන ජලයට මුසු වීම තුළින් දැඩි පාරිසරික මෙන්ම ආර්ථික හානියක් ද මෙරටට සිදුවි ඇති බවයි.

අදාළ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම තුලින් විශාල සාගර දූෂණයක් සිදු වූ අතර එම රසායනික ද්‍රව්‍ය වාතයට මුසු වීම හරහා වායු දූෂණය වීමක් ද සිදු වී තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල පිරිසක් මරණයට පත් වූ අතර ධීවරයින් විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි වී ගිය බවයි පෙත්සමේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල සිදු වූ මෙම අනතුර නිසා අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමට අදාළ නෞකා සමාගම් බැඳී සිටින බවත් පෙත්සමේ සඳහන්.

ඒ අනුව අදාළ නෞකා අතුරෙන් සිදු වූ අගතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.4 කට අධික (6,483,416,430.49) වන්දියක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන නියෝග නිකුත් කළ ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00